ICANN Announcements

Read ICANN Announcements to stay informed of the latest policymaking activities, regional events, and more.

This content is only available in

ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව දේශීය අක්ෂර භාවිතා කරමින් බහුභාෂා අන්තර්ජාලයක් සඳහා සූදානම් වේ

12 December 2017

කොළඹ, ශ්‍රී ලංකාව… පවරා ඇති නම් සහ අංක සඳහා වන අන්තර්ජාල සහයෝගීතාව (ICANN) සහ තාක්ෂණ හා භාෂා ක්ෂේත්‍රවල දේශීය විශේෂඥයින් අද දින කොළඹට රැස් වූයේ අන්තර්ජාතිකගත ඩොමේන නම් (IDN) වැඩසටහන පිළිබඳව හඳුන්වා දීමට සහ සිංහල උත්පාදන මණ්ඩලය (GP) නිර්මාණය කිරීම පිණිස වේ. මෙම දියත් කිරීම මඟින් දේශීය ප්‍රජාවට අන්තර්ජාලය වෙත සිංහල භාෂාවෙන් ආරක්ෂිත සහ ස්ථාවර ප්‍රවේශ වීමක් නිර්මාණය කිරීම සඳහා දායක විය හැකි ආහ්ලාදජනක අනාගතයක් සංකේතවත් කෙරේ.

ආසියා ශාන්තිකර කලාපය භාෂාමය වශයෙන් විවිධාංගකෘත එකකි. ලෝකයේ පවතින භාෂා 6,800 කින්, ඒවායින් භාගයක් පමණ හෝ 3,500 ක් පමණ, භාවිතා කෙරෙනුයේ APAC තුළ වේ. ලොව වැඩියෙන්ම කථා කරන භාෂා 30න් 21ක්ම භාවිතා කෙරෙනුයේ මෙම කලාපය තුළ වේ. මෙම විවිධත්වය අන්තර්ජාල ඩොමේන ඉඩකඩ වෙත අලුත් අභියෝගයක් එකතු කෙරේ.

"IDNs යනු විවිධ අක්ෂර සහ ලිවීම් ක්‍රමවලින් වන අකුරු හෝ සංකේතවලින් නියෝජනය කෙරෙන ඩොමේන වේ. එමගින් සිංහල, දෙමළ, තායි, චීන, හින්දි සහ වෙනත් භාෂා ඇතුළු ලොව පුරා භාවිතා වන විවිධ භාෂාවලින් ඩොමේන භාවිතා කිරීමේ හැකියාව ලබා දේ. ICANNහි, IDN වැඩසටහන් අධ්‍යක්ෂ වන සර්මාඩ් හුසේන්," පරිශීලකයන් බිලියන ගණනකට වඩාත් නම්‍ය අවස්ථාවන් සහිත විවිධ භාෂා ඇති අන්තර්ජාලයක් සපයයි.

"සිය භාෂාවලින් සහ අක්ෂරවලින් අන්තර්ජාල පරිශීලකයන්ට අන්තර්ජාලයට පිවිසිය හැකි වීම අන්තර්ජාලයේ වැදගත් සංවර්ධනයකි. සිංහල ලංකාවේ බහුලව භාවිතා වන භාෂාවක් හෙයින් සිංහල GP හි වැඩ කොටස මගින් සිංහලෙන් ඩොමේන භාවිතා කිරීමට අත්තිවාරම වැටෙනු ඇත," හුසේන් කීවේය.

සිංහල GP සම සභාපතිවරු දෙදෙනෙක්ගෙන් සහ ප්‍රතිපත්තිය, භාෂා ක්ෂේත්‍ර, මෙන්ම සිංහල භාෂාව සඳහා පරිගණක, යුනිකෝඩ් සහ අන්තර්ජාල ඩොමේන පද්ධතිය පිළිබඳ විශේෂඥතාව ඇති තාක්ෂණික සාමාජිකයන්ගෙන්ද සමන්විතය.

සිංහල GP සඳහා සම සභාපති වූ හර්ෂ විජේවර්ධන මෙසේ පැවසීය, "අපි සියළු දෙනාම මේ නව සංවර්ධනය පිළිබඳ ඉතා උද්දාමයට පත්ව සිටිමු. සිංහල GP විසින් සිංහල භාෂාව සඳහා මූල කලාපීය ලේබල උත්පාදන නීති සකස් කිරීම පිණිස කටයුතු කරනු ඇත. පරිගණකවලට නිවැරදි ඉහළ මට්ටමේ ඩොමේන නම් සිංහල අක්ෂරවලින් සකස් වන ආකාරය අවබෝධ කර ගැනීම සඳහා වන නීති සකස් කිරීම වැනි, වැදගත් තාක්ෂණික කාර්යයක් මීට ඇතුළත් වනු ඇත. පහත දැක්වෙන ඩොමේන නම් සිංහල භාෂාවෙන් සම්පූර්ණ කිරීමට ඉඩ සලසන පදනම සකස් කිරීම සඳහා අපගේ ප්‍රයත්නය උපකාරී වනු ඇත."

මෙම සතිය ආරම්භයේදී, සිංහල GP හි සාමාජිකයෝ වැඩ සැලැස්ම හා ඉදිරි පියවර ගැන සාකච්ඡා කිරීම පිණිස වන වැඩමුළුවකට සහභාගී වූහ. නව-බ්‍රාහ්මී GP ද මෙම සතියේ කොළඹට පැමිණ සිටී. ශ්‍රී ලංකාවේ සුලබව භාවිතා වන අනෙක් භාෂාව වන, දෙමළ භාෂාවද ඇතුළුව නව-බ්‍රාහ්මී භාෂා නවයක් සඳහා ලේබල් උත්පාදන නීති සකස් කිරීමේ කාර්යයෙහි ඔව්හු නිරතව සිටිති. සිංහල හා නව-බ්‍රාහ්මී GP හි වැඩ කටයුතු දෙකම සම්පූර්ණ වූ විට, සිය අක්ෂර හා භාෂාවලින් ඩොමේන නම් භාවිතා කරමින් අන්තර්ජාල ඩොමේන වෙත පිවිසීම පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාවට බලාපොරොත්තු තබා සිටිය හැකි වනු ඇත.

GP විසින් අරාබි, අමේනියානු, සිරිලික්, ඉතියෝපියානු, ජෝර්ජියානු, කේමීර්, ලාහෝ සහ තායි භාෂා සඳහා අක්ෂර සංවර්ධනය කර ඇති අතර චීන, කොරියානු ජපන්, ග්‍රීක භාෂා ඇතුළු තවත් බොහොමයක් සඳහා තව දුරටත් සංවර්ධන කටයුතු සිදු වෙමින් පවතියි. මෙම භාෂා හතර සඳහා GP සකස් කිරීමට ICANN විසින් දැනට ස්වේච්ඡා සේවකයින් බඳවා ගනිමින් සිටී: හීබ්‍රෑ, මියන්මාර්, ටිබෙට් සහ තානා. 

බහුභාෂා අන්තර්ජාලයක් සක්‍රීය කිරීම – අමතර තොරතුරු

වලංගු ඉහළ මට්ටමේ ඩොමේන (TLDs) සඳහා දේශීය භාෂාවෙන් නීති සකස් කිරීමට අමතරව, බොහෝ පරිගණක පද්ධති උත්ශ්‍රේණි කළ යුතු වන්නේ ඒවා මඟින් නව ඩොමේන නම් හඳුනා ගැනීමට හෝ ප්‍රමාණවත් තරම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බැවිනි. ඊට මූලික හේතුව වන්නේ TLD හෝ IDN දිගින් අකුරු තුනකට වඩා වැඩි හෝ විකල්ප ආකෘතියකින් සකස් වී තිබීමය. මෙම නව දිගු සම්බන්ධ වන ඊමේල් ලිපිනයන් සඳහාද මෙය අදාළ වේ.

ICANN හි සහාය ලද විශ්ව ප්‍රතිග්‍රහණ මෙහෙයුම් කණ්ඩායම (UASG) යනු, ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන, ගෝලීය ඩොමේන නාම ප්‍රතිග්‍රහණයක් පිළිබඳව දැනුවත් කිරීමක් හා ආශ්‍රිත ගැටළු හඳුනා ගැනීම හා විසඳීම පිළිබඳව කටයුතු කිරීම හා සම්බන්ධ ක්‍රියාමාර්ග ගනු ලබන අන්තර්ජාල කර්මාන්තය පුරා පැතිරුණු ආයතනයක් වේ. වැඩිදුර කරුණු දැන ගැනීමට, ගෝලීය ප්‍රතිග්‍රහණයක් හා අදාළ ගැටළුවක් වාර්තා කිරීමට, කරුණාකර www.uasg.tech වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

####

IDNs ගැන වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර මෙතැනටපිවිසෙන්න.
UA ගැන වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර මෙතැනට පිවිසෙන්න.

මාධ්‍ය සබඳතා

ICANN

ලියනා ටියෝ (Liana Teo)
සන්නිවේදන ප්‍රධානී, APAC
දුර: +65 6816 1259
ජංගම දුර: +65 9796 5500
ඊමේල් ලිපිනය: [email protected]

ෆියෝනා අව් (Fiona Aw)
ගෝලීය සන්නිවේදන සම්බන්ධීකාරක
දුර: +65 6816 1264
ජංගම දුර: +65 9113 6621
ඊමේල් ලිපිනය: [email protected]

ICANN පිළිබඳව

ICANN හි කාර්යභාරය වනුයේ ස්ථාවර, ආරක්ෂිත හා ඒකාබද්ධ ගෝලීය අන්තර්ජාලයක් ස්ථාපිත කිරීම තහවුරු කිරීම වේ. අන්තර්ජාලයෙහි වෙනත් පුද්ගලයෙකු වෙත පිවිසීමට, ඔබට ඔබේ පරිගණකයෙහි ලිපිනයක් ටයිප් කළ යුතුය - එනම් නමක් හෝ ඉලක්කමක්. එම ලිපිනය අද්විතීය එකක් විය යුතු අතර එවිට එකිනෙක සොයා ගන්නා ආකාරය පරිගණක දනී. මෙම අද්විතීය හැඳුනුම්කාරකයන් ලොව පුරා හඳුනා ගැනීමට ICANN උපකාරී වේ. ICANN ස්ථාපිත කරන ලද්දේ 1998 වන අතර එය රජයේ- ලාභ නොලබන සමාගමක් වන අතර එය ලොව පුරා රටවල්වලින් පිරිස් සහභාගී වන ජන සමාජයක් වේ.