ICANN ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලයේ අනාගතය සාකච්ඡා කරයි
දේශීය භාෂාවලින් සහ අක්ෂරවලින් සැදුම්ලත් ඩොමේන නම් බහුභාෂාමය අන්තර්ජාලයකට මඟ පෙන්වයි
කොළඹ, ශ්‍රී ලංකාව… පවරා ඇති නම් සහ අංක සඳහා වන අන්තර්ජාල සහයෝගීතාව (ICANN) අද දින අන්තර්ජාලයේ ඩොමේන නම් පද්ධතියේ (DNS) විකාශය සහ ශ්‍රී ලංකාව සඳහා එහි පවත්නා විභවතා පිළිබඳව සාකච්ඡා කළේය.
ICANN විසින් මේ වන විට සිය නව සාමාන්‍ය ඉහළ මට්ටමේ ඩොමේන (gTLD) වැඩසටහන සමඟින් අන්තර්ජාල ඉතිහාසයේ හමු වූ විශාලතම අභියෝගය ජය ගනිමින් සිටී. මෙමගින් DNS හි විශාලතම පුළුල් කිරීම මෙහෙයවන අතර, එමඟින් පාරිභෝගිකයින් සහ ව්‍යාපාර සඳහා වන ප්රතිලාභ වෙනුවෙන් වරණය, තරඟය සහ නව්‍යතාව ප්‍රවර්ධනය කෙරේ.
අන්තර්ජාතිකගත ඩොමේන නාම (IDNs) හඳුන්වා දීම තුළින් අන්තර්ජාලයේ පාරිභෝජ්යතාවද ICANN වැඩිදියුණු කරමින් සිටී. IDNs විසින් ගෝලීය ජන සමාජයක් සකස් කරමින් සිටින අතර එමඟින් ඔවුනට තම භාෂා හා අක්ෂරවලින් ඩොමේන නාම සහ ප්‍රවේශ අන්තර්ගත භාවිතා කිරීමට හැකි වනු ඇත.
ශ්‍රී ලංකාවේ දැනට අන්තර්ජාලයට ඇතුළු වීමේ ප්‍රතිශතය දළ වශයෙන් සියයට 32 ක ප්‍රතිශතයක් වන අතර, එය සියයට 46.7 ප්‍රතිශතයක් සහිත ආසියාව හා සාපේක්ෂව ගත් විට අඩු අගයක් ගනී1. කෙසේ වෙතත්, ජංගම පුළුල් පරාස සඳහා වන දායක වීම්වලින් එය ඉහළ නැංවෙනු ඇත. ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට අනුව, 2009 වර්ෂයේ 90,000ක්ව පැවති ජංගම පුළුල් ව්‍යාප්ත දායකත්වය, 2017 වන විට මිලියන 4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
"DNS' හි පුළුල් කිරීම අපගේ කලාපයේ වර්ධනය වන අන්තර්ජාල ප්‍රජාවේ අවශ්‍යතා සැපිරීමට ඉවහල් වනු ඇත. සෑම අයෙකුමත් සෑම දෙයක්මත් ඩිජිටල් බවට පත් වෙමින් තිබෙන කාලයක, මිනිසුන්ද ඇතුළුව, සෑම ව්‍යාපාරයක් සඳහාම වෙබ් අඩවියක් සහ ඩොමේන නාමයක් තිබීම අනිවාර්ය වී තිබේ. අන්තර්ජාලයට පිවිසෙන බොහෝ පුද්ගලයින්ට සිය භාෂාවෙන් කටයුතු කිරීමට හැකි වන බැවින් අන්තර්ජලය ක්‍රමිකව සංවර්ධනය වන බව අපට පෙනී යනවා" යනුවෙන් ICANN හි ආරක්ෂක, ස්ථායිතා සහ ප්රත්යාස්ථිති කලාපීය කළමනාකරු චම්පික විජයතුංග මහතා පැවසීය. ශ්‍රී ලංකාව ඇතුළුව, දකුණු ආසියාතික වෙළඳපලවල දායකත්වය සහ ප්‍රවේශය සඳහාද විජයතුංග මහතා වගකීම දරයි.
සිංහල හා දෙමළ භාෂාව පොදුවේ කථා කරන ශ්‍රී ලංකාව තුළ, IDN වැඩසටහන මඟින් ඉංග්‍රීසි කථා නොකරන ශ්‍රී ලාංකිකයිනට සිය භාෂා අක්ෂර භාවිතා කරමින් අන්තර්ජලයට පිවිසීමට ඉඩ සලසා දෙනු ඇත.
මේ සඳහා වන එක් මූලික අවශ්‍යතාවයක් වන්නේ උත්පාදන මණ්ඩලයක් (GP) සකස් කිරීම වේ. ප්‍රතිපත්ති, තාක්ෂණික හා භාෂා ක්ෂේත්රවලින් දේශීය විශේෂඥ පිරිසක් සිටීමෙන්, ඉහළ මට්ටමේ වලංගු ඩොමේනයක් දේශීය භාෂාවෙන් සකස් කිරීම සඳහා වන නීති රීති තීරණය කිරීමට GP ඉවහල් වේ. අද දින සිදු කෙරෙන සිංහල GP දියත් කිරීම මඟින් තම අක්ෂර හා භාෂා භාවිතා කරමින් අන්තර්ජාලයේ ඩොමේන නම් පද්ධතිය වෙත පිවිසීම වෙත ශ්‍රී ලාංකිකයින් තවත් එක් පියවරක් සමීප කරවයි.
ශ්‍රී ලංකා සන්නිවේදන හා තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) වැඩසටහන් අධ්යක්ෂ / නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතාද මෙම ප්රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගී විය.
ඔහු ප්‍රකාශ කළේ, "අන්තර්ජාලය අපේ එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් වී තිබෙන අතරම, එයින් සමාජ හා ආර්ථික වර්ධනය සඳහා සුවිශේෂී ඉඩප්රස්ථාවක් නිර්මාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා රජය අන්තර්ජාලයේ වැදගත්කම අවබෝධ කර ගෙන සිටින අතර, එවැනි වැඩපිළිවෙළවල් සඳහා සිය සහාය ලබා දෙනවා. මෙයින් බොහොමයක් ශ්‍රී ලාංකිකයිනට අන්තර්ජාලයේ ප්‍රයෝජන ලබා ගැනීමට ඒ වෙත පිවිසීමට හැකි වෙතැයි, අපි බලාපොරොත්තු වෙනවා " යනුවෙනි.
####
gTLD වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර මෙතැනටපිවිසෙන්න.
IDNs පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර මෙතැනටපිවිසෙන්න.
මාධ්‍ය සබඳතා
ICANN
ලියනා ටියෝ (Liana Teo)
සන්නිවේදන ප්‍රධානී, APAC
දුර: +65 6816 1259
ජංගම දුර: +65 9796 5500
ඊමේල් ලිපිනය: liana.teo@icann.org
ෆියෝනා අව් (Fiona Aw)
ගෝලීය සන්නිවේදන සම්බන්ධීකාරක
දුර: +65 6816 1264
ජංගම දුර: +65 9113 6621
ඊමේල් ලිපිනය: fiona.aw@icann.org
ICANN පිළිබඳව
ICANN හි කාර්යභාරය වනුයේ ස්ථාවර, ආරක්ෂිත හා ඒකාබද්ධ ගෝලීය අන්තර්ජාලයක් ස්ථාපිත කිරීම තහවුරු කිරීම වේ. අන්තර්ජාලයෙහි වෙනත් පුද්ගලයෙකු වෙත පිවිසීමට, ඔබට ඔබේ පරිගණකයෙහි ලිපිනයක් ටයිප් කළ යුතුය - එනම් නමක් හෝ ඉලක්කමක්. එම ලිපිනය අද්විතීය එකක් විය යුතු වන අතර එවිට එකිනෙක සොයා ගන්නා ආකාරය පරිගණක දනී. මෙම අද්විතීය හැඳුනුම්කාරකයන් ලොව පුරා හඳුනා ගැනීමට ICANN උපකාරී වේ. ICANN ස්ථාපිත කරන ලද්දේ 1998 වන අතර එය රජයේ ලාභ නොලබන සමාගමක් මෙන්ම ලොව පුරා රටවල් වලින් පිරිස් සහභාගී වන ජන සමාජයක් වේ.
1 මූලාශ්‍රය: අන්තර්ජාල ලෝක සංඛ්‍යාලේඛන දත්ත
